Tuesday, March 9, 2010

My Dreams Of Flying

මම චිකු. ඔන්න චිකුවටත් බ්ලොගර් කෙනෙක් වෙන්න හිතිලා. මොකද අදකාලේ ගොඩක් අය බ්ලොග් ලියනවනේ. ඒකයි.

මේක මම නම් කරේ My Dreams Of Flying කියලා‍. මේක My dream is to fly
Over the rainbow so high (YVES LAROCK ) සිංදුවට නං කිසිම සම්බන්ධයක් නෑ ඕං....

මේකයි ඇත්ත කාරනේ. මමයි ‍මගෙ යාලුවො සෙට් එකයි සතියකට විතර Malaysia යන්න හිතුවා.

මොනවා උනත් අදහසට පංකාදු 5 1/2 ක් විතර දාලාදෙන්න පුලුවං....

කැම්පස් එකේ හාල් වෙලා හොදටම හෙම්බත් වෙලා ඉන්නේ. පොඩි(ඇත්තටම ලොකු)වෙනසකටත් එක්ක රට සවාරියක් යන්න තියනවනං හොදයි නේද?

මගෙ යාලුවො දෙන්නෙක්ම දැනට Tickets book කරලා තියෙන්නෙ.
අනේ මං මොකද කොරන්නෙ, මට තාම Passport නෑනෙ.

ඉතිං ඕං අද උදේම මං ගියා ඒක ගන්න. හිතුව තරම් අමාරැ උනේ නං නෑ. ඒත් ඒක ගෙදරට එන්න සතියක් විතර යයි කිව්වෙ.

ම් ම් ම් ..

අපේ ගමන තියෙන්නෙ ජුනි 21 ඉදන් ජුනි 27 වෙනකං.
මං ඒ ගමන ගිහිං ආවම Photos upload කරන්නංකො.

මං දැං කියන්නං මැලේසියාව ගැන ටිකක්.

මැලේසියාව නිරිතදිග ආසියාතික රටක්. ඒක වර්ග කිලෝමීටර් 329,845 ක් විතර ලොකුයිලු. Kuala Lumpur තමයි ඒ රටේ අගනගරය. ආ මට අමතක උනා කියන්න, මැලේසියාවේ මිනිස්සු මිලියන් 28ක් විතර ඉන්නවයි කියන්නෙ.

මැලේසියාව දකුණු චීන මුහුදෙන් කෑලි දෙකකට වෙන්වෙලා තියෙන්නෙ. ඒ මැලේසියානු අර්ධද්වීපය සහ නැගෙනහිර මැලේසියාව.

ම්. ම්. ම්.

මේ රට තායිලන්තයටයි, සිංගප්පූරැවටයි, ඉන්දුනීසියාවටයි, බෲනායි දේශයටයි මායිම් වෙලානෙ තියෙන්නෙ.

අනෙක් කාරනේ කමයි මැලේසියාව අපේ රට වගේම සමකයට ආසන්න රටක්. ඒ හින්දා එහෙ තියනව කියන්නෙ උෂ්ණ කලාපයට අයිති දේශගුණයක්. (විස්තර ගත්තේ Wikipedia එකෙන් හරිද)

ඔය ටික අදට හොදටම ඇති. මං ආයෙත් හම්බවෙන්නංකො.

මගෙ ‍Computer එකට ආපු s1.exe (irc.lampsy trojan) කියන වෛරසය(trojan) මං වෛරස් ගාඩ් එකක් නැතුව අයින් කරගත්තු විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඊලග දවසේ.

එහෙනං ගිහින් එන්නද?
අදට බායි!!

************
චිකුවා ගෙනි

No comments:

Post a Comment